වත්කම් හා බැරකම් ප්රකාශයන් වසර 05ක් තුළ ලබානොදීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි විමර්ශනයට භාජනය කොට ඇති මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුට තම මන්ත්රී ධුරය අහිමි විමේ ඉඩක් ඇති බව වාර්තාවේ.
ජොන්ස්ටන් මන්ත්රීවරයාට එරෙහිව මෙම චෝදනාට අමතරව තවත් චොදනා ගණනාවක් ඔහුට එරෙහිව ඇති අතර එම චෝදනාවන් විමර්ශනය කිරිමෙන් අනතුරුව අනිවාර්යෙන් ඔහුගේ මන්ත්රීධුරය අහිමි වන බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.
මෙවැනි ආකාරයට රාජිත සේනාරත්නගේ ද මන්ත්රීධුරය 1995 දී අහිමි විය. ඒ මන්ත්රීවරයෙකුව සිට රජය සමග ව්යාපාරික කටයුතු වළ යෙදීමේ චෝදනාව යටතේය .