මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල විසින් කතානායකවරයා වෙත භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන ලබා දී නොමැති බව වාර්තා වේ.
මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් අත්සන් ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකිරීම හෙළි වී ඇත්තේ ඊයේ (30) ගම්මන්පිල මන්ත්‍රීවරයා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් විශ්වාස භංගයට අත්සන් නොකිරීම හෙළිවීමට ප්‍රථමයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා එය වෙනත් පැත්තකට යොමු කිරීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වීම මෙම මාධ්‍ය හමුවේදී කැපී පෙනුනි.
හිටපු ජනාධිපතිවරයා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරවා එම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත්කර ගැනීමට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටින කණ්ඩායම උත්සාහ දැරූ අතර එයට මහින්ද රාජපක්ෂ සිය විරෝධය දක්වා ඇති බවයි වාර්තා වූයේ.
හිටපු ජනාධිපතිවරයා අටවන පාර්ලිමේන්තුව ආරම්භ වී මාස කිහිපයක් ගතවී ඇතත් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදු නොකර මඟ හරිමින් සිටිම රාජපක්ෂ පිල නියෝජනය කරන කණ්ඩායම තුළ ගැටලු නිර්මාණය කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් සඳහන් කරනවා.