• Thu. Feb 2nd, 2023

තවත් දුවෙක් මවක් කූඩු කරලා

duwa

වැසිකිළියක් අසල නානකාමරයක දමා අගුල්දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා. කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.

31මීටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණු මෙම මවගේ වයස අවුරුදු 78ක්.

ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර එක් අයෙක් පුතෙකු ද තවත් දියණියක් විදේශගතව සිටින බවද අනාවරණය වී තිබෙනවා. විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසිනුයි මෙලෙස මහළු මව නිසියාකාර දොරක් හෝ නොමැති අනාරක්ෂිත යකඩ ගේට්ටුවක් සහිත නානකාමරයේ සිර කර ඇත්තේ.

4පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මහළු මව සොයාගෙන තිබෙනවා.

ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මහළු කාන්තාවගේ අනෙක් දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගෙන ඇයවද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම හේතුවෙනි.

 

21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *