පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපති කාර්යාලය විසින් මල්වඩමෙන් පවා ගසා කෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබුවා.
ජනාධිපතිවරයා සිදු කල මෙම ප්‍රවෘත්තිය පිළිබඳව අප කල සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ පුවත්පත්වල සඳහන් කොට තිබූ මරණ දැන්වීම් එකතුකොට ඒවාට මල් වඩම් යැව්වා යැයි තොරතුරු සඳහන් කොට මෙම ජනතා මුදල් ගසා කෑම ඉතා ජයටම සිදුකර ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ආයතන දෙකක් මූලික කොට ගෙන මෙම ක්‍රියාවලිය කර ඇති බවයි අපට ලැබී ඇති සාක්ෂි අනුව පෙනෙන්නට තිබෙන්නේ.
නො : 27 දුම්රියපොල පාර,මාතර යනුවෙන් ලිපිනයක් සඳහන් වෙන රේලන්ඩ් මල් ශාලාව නම් එක් මල් ශාලාවක් සහ සුප්‍රසිද්ධ ජයරත්න මල් ශාලාවෙන් මෙම මල් වඩම් සඳහා ඇණවුම් බොහෝමයක් ලබා දීම සිදු කොට තිබෙන්නේ.
මෙම බිල්පත්වල සියලුම අංක අනුපිළිවෙලට තිබීමත්, මෙහි ඇණවුම ලබා දී ඇත්තේ එකම පුද්ගලයා වීමත්
මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයයි.
මෙම අවමංගල්‍ය සේවා සපයන ආයතන වලින් මල් වඩන් නිකුත් කොට තිබෙන්නේ ජනාධිපති කාර්යාලයට පමණක් ද යන්න
අප හට මෙම බිල් පත් අංක පරික්ෂා කිරීමේදී ප්‍රශ්නයක පැන නගිනවා.
එමෙන්ම මෙහි ඇති විස්තර අනුව බොහෝමයක් මල ගෙවල් සිදුවී ඇත්තේ මාතර නගරය කේන්ද්‍ර කොට ගෙනය.
එමෙන්ම සාමාන්‍යයෙන් බිල්පත් අංක අනුපිලිවෙලට තිබිය යුතු වූවත් මෙහින් සඳහන් බිල්පත් අංක ඇත්තේ ඔවුන්ට සිතූ සිතූ අයුරින් වෙනස් කිරීම් වලට ලක් කොටය.ඒ බව පැහැදිලිව පහත බිල්පත් අංක වලින් පැහැදිලිව පෙන්නුම් කරයි.
උදා හරන : 2014.12.12 බිල්පත් අංකය 20
2014.12.13 බිල්පත් අංකය තිබිය යුත්තේ 21 වූවත් ඇත්තේ 18.
බොහෝමයක් බිල්පත්හී කිසිදු අවුරුද්දක් සඳහන් වන්නේත් නැත.