• Thu. Feb 2nd, 2023

තාජුඩීන්ගේ මරණය ඝාතනයක් – ඝාතකයා නිදැල්ලේ..!

thadujin

රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය අනතුරක් නිසා සිදුවූවක් නොවන බවත් එය ඝාතනයක් බවත් ඔහුගේ මරණය පිළිබඳ අවසන් වාර්තාවෙන් පවසා තිබේ.

ඔහුගේ මරණය පිළිබඳව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායම සකස්කළ වාර්තාව ඊයේ (03දා) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

තාජුඩීන් අදාළ අවස්ථාවේදී සිය මෝටර් රථය පදවා නොමැති බවත් ඝාතනය කළ ඔහුගේ සිරුර රියදුරු අසුන මත තබා ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

මිහිදන් කළ තාජුඩීන්ගේ සිරුර ගොඩ ගෙන නැවත අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කෙරිණි.

තාජුඩීන්ගේ බෙල්ලට, පාදයට හා පපුවට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සිදුව තිබෙන බවත් වාර්තාවේ සඳහන් වෙයි.12294803_10206032860272796_2057695161712330081_n 12311229_10206032860952813_8218579425797919275_n 12342566_10206032861352823_4111142092924664180_n 12314005_10206032861752833_2909348564991368646_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *