• Mon. Feb 6th, 2023

ජාතීවාදීන්ට ජනාධිපති මෛත්‍රීගෙන් අනතුරු ඇඟවීමක්..! (Video)

wimal
“දේශපාලන තක්‌කඩියන්ගේ අවසාන තිප්පොළ දේශප්‍රේමය යෑයි ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා කළ ප්‍රකාශය මේ දිනවල මට සිහිපත් වෙනවා” යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

අයවැය කාරක සභා අවස්‌ථාවේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්‌වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
මෙය මෙතෙක් ජනාධිපති මෛත්‍රී විසින් සිදුකරනු ලැබූ තියුණුම කතාව යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි..

“අද ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය ගැන විවාද කරන අවස්‌ථාවේදී මම තීරණය කළා ජාතික ආරක්‌ෂාව සහ ජාතික සංහිඳියාව ගැන අද ඇතිව තිබෙන සාකච්ඡාව ගැන මගේ අදහස ප්‍රකාශ කරන්න.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට ස්‌තුති කරනවා පොලිසිය සහ හමුදාවත්, ජාතික ආරක්‌ෂාව ගැනත් ඉදිරිපත් කළ කරුණු ගැන.

අපි ජාතික ආරක්‌ෂාව හා ජාතික සංහිඳියාව ගැන කතා කරද්දී අද රට තුළ පාර්ලිමේන්තුවේ, ජනමාධ්‍ය ඔස්‌සේ වගේම ජනතාව අතර ඇති මතය පිළිබඳව රජයක්‌ ලෙස අපි දැන් අවධානයට ලක්‌කර තිබෙනවා. දිගු කාලීන යුද්ධය 2009 මැයි 18 වැනිදා අවසන් වූ පසු සතුටුවුණා. ඊට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතාට මම විශේෂයෙන් ස්‌තුතිය පුදකරනවා. ඒ වගේම µSල්ඩ් මාර්ෂල් සරත් ෙµඩ්න්සේකා මහතා ප්‍රමුඛ හමුදාවට මෙන්ම ජීවිත පූජා කළ රණවිරුවන්ට ජාතියේ ගෞරවය හිමිවෙනවා. එසේම ජනතාවගේ විශාල ආශිර්වාදයක්‌ ලැබුණා. කැපවීම් කළා.

2009 මැයි 18 දා ආරක්‌ෂක හමුදා සමඟ යුද වැදී ඊළාම් රාජ්‍යයක්‌ බිහිකරන්න සටන් කළ ත්‍රස්‌තවාදය විනාශ වුණා. විශාල පිරිසක්‌ අත්අඩංගුවට ගත්තා. විදේශයන්හි සිටි ඊළමට සම්බන්ධ අය, මුදල් ආධාර ලබා දුන්නා. ඇතැමුන් ජාත්‍යන්තරයේ හඬ නැගුවා. යුද්ධය අවසන් කළ පසු 2009 මැයි 19 දා රටට ඉර පෑව්වේ පශ්චාත් යුද සමයක ජාතික අවශ්‍යතා ඉටුකිරීම සඳහායි. ගෙවී ගිය වසර හයේදී යුද්ධය අවසන්ව පශ්චාත් යුද සමයක රජයක්‌ ලෙස එසේම රටක්‌ ලෙස ඉටුවිය යුතු කාර්යයන් සිදුනොවී ප්‍රශ්නවලට මුහුණදී තිබෙනවා.

උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි භෞතික සම්පත්වලට අවධානය යොමු කළා. භෞතික සම්පත් ලබා දුන්නා. ඒ තුළ යුද්දෙන් පීඩාවට පත්වූ ජනතාව මානසිකව සෑහීමකට පත් නොවීම. සතුටු නොවීම, සංහිඳියාවක්‌ ඇති නොවීම, පීඩාවට පත්වීම නිසා සතුටුදායී පරිසරයක්‌ තුළ ජීවත්වීමත්, පරිසරයක්‌ ගොඩනැඟීමට නොහැකිවීමේ බාධා එල්ල වුණා.

ඒ තත්ත්වය මත 2010 ජනාධිපතිවරණයට මුහුණ දුන්නා. මහ මැතිවරණයකට මුහුණ දුන්නා 2015 ජනවාරි 08 දා යළි ජනාධිපතිවරණයට මුහුණ දුන්නට 2009 මැයි 19 හිරු උදාවෙද්දී පශ්චාත් යුද සමයක ඉටුවිය යුතු කාර්යන් 2015 ජනවාරි 08 දක්‌වා ඉටු නොවීම නිසා 2015 ජනවාරි 09 දා හිරු උදාවුණේ ඒ වගකීම අලුත් රජයකට භාර දෙමින්. උතුරු – නැගෙනහිර ජනතාව මට ඡන්දය දුන්නා. මඩකලපුවේ සියයට 80 ක්‌ උතුරේ සියයට 71 කට වැඩි පිරිසක්‌ හංසයාට ඡන්දය දුන්නා.

ඒ අනුව ජාතික සංහිඳියා පිළිවෙත ශක්‌තිමත් කිරීමේ වගකීම අපි භාරගත්තා. ඒ තුළ දහ නවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය මෙන්ම වෙනමම අමාත්‍යාංශයක්‌ ජනාධිපතිවරයා යටතේ පත්කළා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් කාර්යසාධක බළකායක්‌ සංහිඳියාව වෙනුවෙන් පත්කළා.

මානව හිමිකම් කොමිසම හරහා අප වෙත ඉල්ලවී ඇති චෝදනා ඉදිරිපත් කිරීම කල් දමා ගත්තා. සැප්තැම්බර් වෙද්දී අපි අලුත් වැඩපිළිවෙළක්‌, ආරක්‌ෂාව හා සංහිඳියාව ගැන රජයක්‌ ලෙස ගත් ක්‍රියාමාර්ග මාස නවයක කාලයක්‌ තුළදී සාර්ථක වුණා. එමනිසා මානව හිමිකම් යෝජනා අප වෙත කාරුණික හා නම්‍යශීලී ලෙස ඉදිරිපත් වුණා. දැන් ඒ ප්‍රශ්නයට අපි රටක්‌, ආණ්‌ඩුවක්‌, ජාතියක්‌ ලෙස මුහුණදී සිටිනවා. එය විසඳීම සඳහා ආගමික නායකයන්ගේ, දේශපාලන පක්‍ෂවල සහ ජනතාවගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. යළි යුද්ධයක්‌ ඇති නොවී හෙට උපදින දරුවන් සඳහා සාමකාමී පරිසරයක්‌ ඇතිකිරීමටයි පක්‍ෂ දෙක එක්‌ව කටයුතු කළේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හිටපු කාලයේ පත් කළ එල්. එල්. ආර්.සී. කොමිසමේ තිබෙන යෝජනාවන් හා නිර්දේශ කර තිබූ කරුණක්‌ තමයි ජාතික සංහිඳියාව පිළිවෙතක්‌ මගින් යළි යුද්ධයක්‌ ඇති නොවීම සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර විශ්වාසය ඇතිකර ගන්නා ලෙස එම කරුණ මානව හිමිකම් යෝජනාවලත් තිබෙනවා.

(අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ)

 

https://www.facebook.com/apearata/videos/877076472400155/?video_source=pages_finch_main_video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *