කොළඹ වෝඩ් පෙදෙසේ විශ්විවද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධය පෑමට ගිය සිසුනට පහරදීමෙන් පොලිසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත් පහරකෑමට ලක්වූ සිසුනට වන්දි ගෙවිය යුතු බවත් පහරදුන් පොලිස් නිලධරයින්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.
පොලිස් බැටන් ප්‍රහාරයට ලක්වූ සජිනි සන්දීපනී කුමාරසිංහ ශිෂ්‍යාවට රුපියල් 25000 ක වන්දියක්ද,නුවන් ප්‍රදීප් කුමාර,අයේෂ් රත්නසූරිය,සුපුන් නිශාන්,ෂාතිමා හනීනා හුසේන්,සඳුනි චන්ද්‍රසිරි,බුද්ධි උක්වත්ත,නිලූකා නයනා හා ජීවා රූපසිංහට රුපියල් 15000 බැගින් ගෙවිය යුතු බවත් කොමිසම තීන්දු කළේය.
පසුගිය ඔක්තෝබර් 29 වැනිදා උද්ඝෝෂණය කළ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුනට පහරදීම පිළිඹදව කොමිසම මෙම පරීක්ෂණය පැවැත්වීය.පොලිස්පති ඇතුළු 12 දෙනෙක් වගඋත්තකරුවෝ වූහ.
මෙම පහරදීමෙන් පසු පොලිසිය කියා සිටියේ දුවද්දී බිම වැටුණු ශිෂ්‍යාවන් නැගිට සිටුවීමට පොලිසය උදව් කළ බවයි.
ජාතික බලය සංවිධානය හා ලහිරු වීරසේකර පැමිණිල්ල ඉදිරිපත් කළේය.
සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන අයුරින් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට 2016.03.01 ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නිර්දේශ කෙරිණ.
වර්තමානයට ගැලපෙන ආකාරයට නීති විරෝධී මහජන රැස්වීම් පාලනය කිරීමට හා කැරලි මර්දනය කිරීමට සුදුසු ක්‍රමවේදයක්ද එදිනට සකස් කර ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.
ආචාර්ය දීපිකා උඩගම (සභාපතිනිය),සාලිය පීරිස්,අම්බිකා සත්කුණනාදන්,හමීඩ් ගසාලි හුසේන්,ආචාර්ය යූ.විදානපතිරණ යන කොමසාරිස්වරු මේ තීන්දුව ප්‍රකාශයට පත්කළහ.
මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින් ලබාගත හැකිය.
https://drive.google.com/file/d/0BzKsV1L1Xz8nSHJxdl8xZ1cyUlU/view?usp=sharing
https://www.facebook.com/apearata/videos/861614380613031/