රටේ ප්රධාන පෙළේ දේශපාලනඥයන්ගේ නම් ගම් පවා ඈඳුණු මහත්, ආන්දෝලනයකට තුඩු දුන් අබිරහස් ඝාතනයකට අදාළ තොරතුරු හෙළිකරන සීසීටීවී දර්ශන පෙළක් රහස් පොලිසිය භාරයට ගෙන ඇත.
ඝාතනය කෙරුණු තැනැත්තා ඝාතනයට ලක්වීමට පෙර තම ගමන ආරම්භ කළ තැන සිට අමානුෂික අයුරින් ඝාතනය කෙරුණු අවස්ථාව දක්වා වන වැදගත් සාක්කි ඇතුළත් ස්ථාන කිහිපයකින් ලබාගත් සීසීටීවී දර්ශන එකතු කර රහස් පොලිසිය භාරයේ දැනට පවතින මේ දර්ශන පෙළ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ මරණය ඝාතනයක් බවට ඔප්පු කෙරෙන සාක්කි මේ වන විට අධිකරණය හමුවට ඉදිරිපත් වෙමින් පවතින නිසා මේ මොහොතෙදී අදාළ දර්ශන පෙළ කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන බවද රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි. දේශපාලන ඝාතනයක් ලෙසට හඳුනා ගැනුණු මේ ඝාතනයට අදාළ නඩු විභාගය මේ වන විට අධිකරණයේ සිදුකෙරෙන අතර රහස් පොලිසිය විසින් පෙරකී සීසීටීවී දර්ශන පෙළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රටේ දේශපාලන ක්ෂේත්රයේ පවා දැඩි නොසන්සුන්තාවක් මතුවනවා ඇත.
(Mawbima)