• Fri. Feb 3rd, 2023

කැසිනෝ වෙනුවට රට පුරා රුජිනෝ..!

rajinoඅය වැය මඟින් සිදු කළ බදු සංශෝධනයත් සමඟ රටපුරා රුජිනෝ සූදු පොළවල් බිහිවීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වෙයි.
ව්‍යාපාරික ප‍්‍රජාවේ කිහිපදෙනකුම මේ සම්බන්ධව තොරතුරු දක්වමින් අප වෙත සැලකර සිටියේ පසුගිය සමයේ නීතී විරෝධී අයුරින් රුජිනෝ සූදුව මෙහෙය වූ පාර්ශ්වයක් එහි ඒකාධිකාරය ගැනීමට මේ වන විටත් ආණ්ඩුවේ ප‍්‍රබලයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙතෙක් රුජිනෝ සඳහා රජය විසින් වාර්ෂිකව රුපියල් මිලියන 200ක බදු මුදලක් අය කළ අතර මෙවර අය වැය යෝජනා මඟින් එය වාර්ෂිකව රුපියල් මිලියන 05ක් දක්වා අඩු කරනු ලැබිණ.

මීට පෙර මේ ආකාරයේ නීති විරෝධී රුජිනෝ ශාලා 3ක් දේශපාලන හිතවත්කම් මත කොළඹ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගියත් ඒ පිළිබඳ දිගින් දිගටම එල්ල වූ විරෝධතා හේතුවෙන් එම ස්ථාන වටලා අදාළ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ ක‍්‍රියා කළත් බදු සහනය යටතේ යළිත් එම ස්ථානවල ද රුජිනෝ ශාලා ආරම්භ කිරීමට සූදානම් වන බව ද වාර්තා වෙයි.

එසේම බදු සහනය හේතුවෙන් රට පුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති රුජිනෝ ශාලා වෙත මෙරට පුද්ගලයන් ඇද ගැනීමේ අපේක්ෂාවෙන් ඒ වෙත එන පුද්ගලයන් ලබාගත යුතු ‘‍චිප්’‍වල වටිනාකම අඩුකරන්නට සහ විශේෂයෙන් තරුණ ප‍්‍රජාව ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් වෙනත් විනෝදාස්වාදය සඳහා වන අංග එක්කිරීමට ද සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි.

මේ අයුරින් රුජිනෝ සූදුව රටපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති පසුබිමක පසුගිය ආණ්ඩු සමයේ දී මෙරට කැසිනෝ ආයෝජනයන් වෙත විරෝධය පළකළ දේශපේ‍්‍රමී කොටස් වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස සිටිය දී අකර්මන්‍ය ලෙස සිටීම ගැටලූ සහගත බව දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

(සත්හඬ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *