“විදේශ රැකියා අමාත්‍යංශය වෙනුවෙන් මාසයකට අද රුපියල් විසි ලක්ෂයක් කුලී ගෙවනවා.
එය මාසයකට රුපියල් ලක්ෂ 8 ක් ගෙවන තැනකට ගෙනයාමට තීරණය කළා. ඒ අමාත්‍යංශය දැන් තියෙන්නේ කොටුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි තට්ටුවේ. ඒ ආකාරයෙන් මුදල් ඉතුරු කරගැනීමෙන් විදේශ රැකියා කරන ලාංකිකයන්ගේ දූ දරුවන්ට උදව් කරන්න පුළුවනි. පහේ ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ සමත් දරුවනට ඒ උදව් කරනවා.
පහේ ශිෂ්‍යත්ව ලාභීන් 344 දෙනකුටත් අපොස සාමාන්‍ය පෙළ සමත් 421 දෙනකුටත් උසස් පෙළ සමත් 91 දෙනකුටත් ශිෂ්‍යත්ව පිරිනැමුවා.එහි වටිනාකම රුපියල් 1,64,00000 කි..” යැයි බස්නාහිර පළාත් ශිෂ්‍යත්ව ලාභීන් 860 දෙනකුට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
