ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසඳය වාර්ෂිකව පවත්වනු ජල රොකට් තරගාවලියෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ යුනෙත් චන්දීර් විජේනායක සිසුවා සමත් විය. මුල්තැන ඉන්දුනීසියාවට හිමිවිය.
ඔහු මෙම ජයග්‍රහණය ලබාගත්තේ නේපාලය, පාකිස්තානය, ඉන්දියාව, ඕස්ටේ්රලියාව, චීනය, ජපානය ඇතුළු ආසියා ශාන්තිකර කලාපීය රටවල හැටක් පමණ තරගකරුවන් පරාජයට පත්කරමිනි. මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි නගරයේදී පැවැත්විණි.
“මුලින්ම මෙය අන්තර් පාසල් අතර තරගාවලියක් ලෙස ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කැරිණී. “ඒ වෙනුවෙන් මගේ පාසල නියෝජනය කිරීමට මට අවස්ථාව උදාවුණා. එහිදී මට ශ්‍රී ලංකාව නියෝජනය කරන 6 දෙනා අතරට පැමිණීමට හැකියාව ලැබුණා.
“ජල රොකට්ටුවක් කියන්නේ නව නිර්මාණයක් නෙවෙයි. එය රටවල් ගණනාවක පවත්වනු ලබන තරගාවලියක්. මෙම තරගාවලිය තවමත් අපේ රටේ ප්‍රචලිත වෙලා නෑ. මෙය ඇත්ත රොකට්ටුවක අනුරුවක්. එය ක්‍රියා කරන්නේ ජලය සහ වායු පීඩනය භාවිතයෙන්. මේ තරගයේදී සිද්ධවෙන්නේ මීටර් 80 ක ඇති ඉල්ක්කයක් වෙත රොක්ට්ටුව යොමු කිරීමයි. එහිදී ජල පරිමාව, වායු පීඩනය හරියට මැනගෙන ඒවා වෙනස් කරමින් අදාල ඉල්ලකය වෙත යොමු කළ යුතුවෙනවා.”
“මෙවැනි තරගාවලියකින් රටටත් පාසලටත් කීර්තියක් ලබාදීමට හැකිවීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම ආතර් සී. ක්ලාක් ආයතනයටත්, ඉන්දික මැදගොඩ මහතාටත් මෙම තරගාවලියට මා පුහුණු කළ ජගත් සූරියආරච්චි මහතාටත් මා අවංක ස්තූතිය පුදකරනවා”
(ලංකාදීපය)