සවුදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී සිටින කාන්තාව මරා දැමුවහොත් දැඩි තීරණයකට එළඹීම සඳහා රජය තුළින්ම බලපෑම් එල්ල වන බව වාර්තා වනවා.
ජනාධිපති, අගමැති හා විදේශ කටයුතු ඇමැතිවරයා සමග සාකච්ඡුා කර සෞදියට ගෘහ සේවිකාවන් යවනවාද යන්න තීරණය කිරීමට විදේශ රැුකියා අමාත්‍යවරිය ද මේ වන විට සුදානම් වන බවයි එම වාර්තාවලින් සඳහන් වුණේ.
ඒ ඒ රටවල පවතින නීති රීති හමුවේ රටක් ලෙස ඊට බලපෑම් කළ නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බව අමාත්‍යවරිය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
කාන්තාවන් විදේශ රටවලට රැුකියා සඳහා පිටත් කිරීම නිසා ප්‍රශ්න රැුසක් ඇති වන බැවින් ඉදිරියේදී ඊට නිසි පියවරක් ගන්නා බවයි ඇය පෙන්වා දෙන්නේ.
එමෙන්ම කිසියම් ලෙසකින් මෙම කාන්තාව මරා දැමුවහොත් එය ආණ්ඩුවත්, සමස්ත ශ්‍රී ලංකාවත් ලබන පරාජයක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.
”යම් හෙයකින් මේ සහෝදරියට මේ කෲර දඬුවමට ලක්වෙන්න සිදුවුනොත්, ඒක මේ මුළු රටම ලබන පරාජයක්, ඒක මේ රජය ලබන පරාජයක්,” ලෙසයි ඔහු කියා සිටියේ.
ඇය මරා දමනු ලැබුවහොත්, ශ්‍රී ලාංකික කාන්තාවන් සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්කිරීම වහාම නවතා දැමිය යුතු බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එහිදී යෝජනා කළා.
රිසානා නෆීක් මෙන්ම ඞීඞී රන්ජිත් ද සිල්වා, වික්ටර් කොරයා සහ සනත් පුෂ්පකුමාර ඇතුළු ශ්‍රී ලාංකිකයන් ද පසුගිය කාලයේ මෙලෙස මරණ දඬුවමට ලක්වුණා.