හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් 500 ක් ඉවත් කළ බවට මාධ්‍යවල පළ වූ පුවත අසත්‍යයක් බවත් වර්තමානයේ ඒ මහතාගේ ආරක්ෂාවට යොදවා ඇත්තේ හමුදා සෙබළුන් සහ නිලධාරීන් 102 ක් සිටින බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් 500 ක් ඉවත් කළ බවට පුවතක් ඊයේ (06 දා) මාධ්‍යයේ පුළුල් ලෙස පළ විය. එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකි. වර්තමානයේ එතුමාගේ ආරක්ෂාවට යුද හමුදාව විසින් සෙබළුන් හා නිලධාරීන් 102 දෙනකු අනුයුක්ත කර ඇත. එයින් ද 80 දෙනකු ආරක්ෂාව සඳහාත් 22 දෙදෙනකු පරිපාලනමය කටයුතු සඳහාත් යොදා ඇත.
මෑතක සිට වර්තමාන රජය පුනරුත්ථාපනය නොකළ දරුණු එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස් කිරීම නිසා වසර 30 ක යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇත. කොටි සංවිධානයේ සාමාජිකයන් 11,000 කට වැඩි ගණනක් පුනරුත්ථාපනය කර රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූ අතර දිගටම රඳවාගෙන සිටියේ පුනරුත්ථාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්රස්තවාදීන් පමණි. මේ ආණ්ඩුව නිදහස් කරන්නේ මේ අයයි. මෙවැනි තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා දැනට ලබා දී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්‍යාවට අමතරව තවත් සෙබළුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම වේ.
අලුත් තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ පමණක් නොව යුද්ධයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්ෂාව ගැනත් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම වන බව අපි මෙහිදී අවධාරණය කර සිටිමු.