අජිත් ප්‍රසන්න හමුදා මේජර්වරයෙක්.ඔහු 2008/9 දී දකුණු පළාත් සභාවට තේරී පත් වූයේ එවකට පැවති යුධ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලාංකීය අන සමාජයේ රණවිරුවන් පිළිබඳ ඇති වූ මහත් ජනප්රසාදය මත “මන්ත්‍රී රණවිරු පදනම මතයි.
ජනතාව බලාපොරොත්තු සත්‍යවාදී බව සහ ඉහ වහ ගිය අල්ලස් හා දූෂණ ක්‍රියා නිසා 2013 දී ඔහු ජනතාව විසින් පරාජයට ත් කරනු ලැබීය.
ගීතා කුමාරසිංහ සමග ආසන සංවිධායක කම වෙනුවෙන් පැටළුණේ මේ අජිත් ප්‍රසන්නයි.
පෙළපාලියක් යමින් සිටිය දී පොලිස් නිළධාරියකුට පහර දී ‘පොලීසියට පණ නෑ’ කීවේත් මේ අජිත් ප්‍රසන්නය.ඒ කිසිවකට නීතිය ක්‍රියාත්මක වූයේත් නැත.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මොහු මෛත්‍රී පාර්ශවයට පැණීමට කුරුමාණම් අල්ලා අදාල වගකිවයුත්තන් පසුපස ගොස් පළාත් සභා ඡන්දය වෙනුවෙන් වියදම් කළ මුදල හා තමා මෛත්‍රී පාර්ශවයට යාමෙන් අහිමි විය හැකි තම බිරිදගේ ගුවන්විදුලි රස්සාව වෙනුවෙන් ප්‍රමාණවත් ලන්සුවක් දෙන්නේ නම් ඔහු පැත්ත මාරු කිරීමට සූදානම් බව කියා ඇත. ඒ බව මෛත්‍රී පාර්ශවයේ බලවත් බවලතකුට දැන්වූ පසු ඇය කියා ඇත්තේ “ඒ මිනිහට ලැජ්ජ නැද්ද සල්ලි ඉල්ලන්න” කියාය.
දැන් අජිත් ප්‍රසන්න පරම පිවිතුරු මහින්දවාදියකු ලෙස පෙනී සිටියි. නමුත්, මොහු ඒ කාලයේ තමාට ලන්සුවක් ලබා ගැනීම සදහා රාජපක්ෂවරුන්ට අප්‍රමාණව බැණ වදිණු බොහෝ දෙනෙක් අසා ඇත. ආසන සංවිධායකකම නොලැබීම, පළාත් සභා ඡන්දයේ ඔහුගේ ඡන්ද මංකොල්ල කෑමට සැලැස්වීම හා රණවිරුවන් පාරවල් ගාණේ කම්කරු වැඩවල යෙදවීම ගැන අජිත් ප්‍රසන්නට රාජපක්ෂ විරෝධී අදහසක් තිබිණි.නමුත්, ඔහුගේ අවාසනාවට ඔහු බලාපොරොත්තු වූ මුදල නොලැබීම නිසා දැන් ආයේත් මහින්දගේ ඔඩොක්කුවේ සිටියි.එමෙන්ම සමාජයේ කැපී පෙනීමට සහ මාධ්‍ය අවධානය දිනා ගැනීම උදෙසා ඔහු සෑහේන වෙහෙසක් දරන බව පෙනී යයි.