• Thu. Feb 2nd, 2023

කූඩැල්ලා කුසල්ගේ ක්‍රිකට් දිවියත් අවසන් කරයිද..?

kusal prera

උත්තේජක පරීක්ෂාවකින් අසමත්වීම නිසා ශ්‍රී ලංකාවට යළි කැඳවූ කුසල් ජනිත් පෙරේරා ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා. රාත්‍රී 11.45 ට පමණ කුසල් ජනිත් කටුනායක ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් පිටව යාමේ පර්යන්තයෙන් ගුවන් තොටුපලෙන් නික්ම ගියා.

ඇනබොලික් ස්ටීරොයිඩ් (Anabolic Steroid) නම් සංඝටකය කුසල්ට ශරීරගත වී ඇති බව සඳහන්. Anabolic Steroid පෙති සහ එන්නත් ලෙස පවතින බව වෛද්‍ය අංශ පෙන්වා දෙනවා. එසේනම් මෙම ඖෂධය කුසල් ජනිත් ට ශරීර ගත වී ඇත්තේ කෙසේ දැයි සොයා බැලිය යුතුය.
කුසල්ගේ පාදයක කූඩැල්ලෙකු සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවද කියවෙයි.

121640_Mahelaමේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධනද සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වමින් පැවසුවේ – කුසල්ට සම්පූර්ණයෙන් චෝදනා නොකළ යුතු බවයි. විධිමත් පරීක්ෂණයක අවශ්‍යතාව ඔහු පෙන්වා දෙනවා. එතෙක් කුසල්ට තුවක්කුව දිගු නොකළ යුතු බවයි මහේලගේ ස්ථාවරය.

තහනම් උත්තේජක පරීක්ෂාවකින් අසමත්වීම – තහනම් උත්තේජක නිවාරණ නීතිරීතිවලට අනුව බරපතල බවයි විචාරකයින් පවසන්නේ. මෙවන් අවස්ථාවක අදාළ ක්‍රීඩකයාට වසර 4ක තරග තහනමක් පැනවීමේ හැකියාවක් ද පවතී.

හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරඟයට – ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු වන කුසල් ජනිත් පෙරේරා වෙනුවට කෞෂාල් සිල්වා සංචිතයට එක්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *