• Mon. Feb 6th, 2023

තාජුඩීන් නඩුවේ විනිසුරු මාරු කිරීම රනිල්-මහින්ද සාකච්ඡාවේ ප්‍රථිපළයක්ද..?

ranil and mahinda

තාජුඩීන් ඝාතනය මේ දිනවල රටතුළ ඉතාමත් ආණ්දෝලනයකට තුඩු දී තිබෙන අතර ඒ සමබන්ධ නඩුවේ විනිසුරුවරයාව කටයුතු කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නිහාල් පීරිස් මහතා ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාතර දිසා අධිකරණයට මාරුකර යවා ඇත.

එම මාරුවීම සාමාන්‍ය වාර්ෂික මාරුවීම් පටිපාටියේ එකක් ලෙස අධිකරණ අමාත්‍ය වරයා පෙන්වා දීමට උත්සහ ගත්තද නිහාල් පීරිස් මහතාගේ නම වාර්ෂික මාරුවීම් ලැයිස්තුවේ සඳහන්ව තිබී නැත.

නිහාල් පීරිස් මහතා, පසුගිය කාළයේ රාජ්‍ය නිළධාරීන්ට දේශපාලඥයන්ට විරුද්ධව තිබූ බොහෝ නඩුවලදී තීරණාත්මක තීන්දු ලබා දුන් විනිසුරුවරයෙක් විය.

ඇවන්ගාඩ් සම්බන්ධ නඩුව පවත්වාගෙන යා නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශකරන තුරුම එම නඩුවද පැවතියේ මෙම විනිසුරුවරයා යටතේය.

තාජුඩීන්ගේ මරණය සිදුවූයේ එහදිසි අනතුරකින් නොව එය ඝාතනයක් බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් වී ඇති අතර අද (10) එහි තීන්දුව ප්‍රකාශ කිරීමටද නියමිතව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ රහසිගත හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමරයකදී සිදු වූ අතර එහි ප්‍රථිපළයක් ලෙස මෙම මාරුවීම සිදුව ඇති බවට නීතීඥවරුන් අතර කතාබවහක් බවතී.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ අද දින ලබාදීමට නියමිත නඩු තීන්දුව පමා කිරීමට හෝ එය මිනීමැරුමක් ලෙස හැඟෙන ආකාරයෙන් තීන්දුවක් ලබාදීමට විනිසුරුවරයාට රටේ ඉහළ දේශපාලන අධිකාරියකින් බලපෑම් පැමිණ ඇති බවත් එයට විනිසුරුවරයා එකඟ නොවීම මත මෙම මාරුවීම ලබා දී ඇති බවත්ය.

sdc

CCTV දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට.

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝපට කීපයක්‌ පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්‍ෂණයක්‌ සිදු නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයිද පැවසේ.

එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *