• Thu. Feb 2nd, 2023

බැඳුම්කරවල ආයෝජනය කළ කෝටි 295ක්‌ අතුරුදන්

 

leco sri lanka

2009 වසරේදී ලංකා විදුලිබල මණ්‌ඩලයේ අර්ථසාධක අරමුදල් වශයෙන් රැස්‌ව තිබූ මුදලින් පෞද්ගලික සමාගමක්‌ හරහා භාණ්‌ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ රුපියල් කෝටි දෙසිය අනූපහකට අධික මුදල් ප්‍රමාණයක්‌ මහ බැංකුවේ ගිණුම් ප්‍රකාශවල නොපැවතීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස ලංකා විදුලිබල මණ්‌ඩලයේ සභාපතිවරයා ඊයේ (9 දා) රහස්‌ පොලිසියට පැමිණිලි කර තිබේ.

මහ බැංකුවේ 2014.12.31 දින ගිණුම් ප්‍රකාශවලට අනුව එම මුදල් එහි නොපවතින බවට හෙළිවීමෙන් පසු මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පරීක්‍ෂා කිරීම් සිදුවී ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ 2009 වසරේදී අදාළ පෞද්ගලික සමාගම හරහා භාණ්‌ඩාගාර බැඳුම්කරවල සිදුකර ඇතැයි පවසන ලංවිම අර්ථසාධක අරමුදල් ආයෝජන 2009 වසරේදී එම සමාගම විසින් මහ බැංකුවෙන් ලබාගෙන විකිණීමට කටයුතු කර ඇති බවය.

මේ සඳහා ලංවිමෙන් කිසිදු අනුමැතියක්‌ ලබාගෙන නොමැත.

මෙම ආයෝජනයන් සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් කළ නියෝගයකට අනුව ලංකා විදුලිබල මණ්‌ඩලයේ අභ්‍යන්තර විගණන ශාඛාව විසින් පැවැත්වූ විශේෂ විමර්ශනයකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

 

(රසී වීරසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *