තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ගැටලු සහගත තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳ පෞද්ගලිකව සොයා බලන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
එසේම කුසල් දක්ෂ ක්‍රීඩකයෙකු බවත්, ඔහු ඉතාමත් ඉක්මනින් ක්‍රිකට් පිටියට පැමිණ ක්‍රීඩා කිරීම තම සතුට බවත්, ජනාධිපතිවරයා කුසල් පෙරේරා පසුගිය දා (11දා) දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පැවසූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.