• Fri. Feb 3rd, 2023

රු 10,000 න් 2000ක් ජනවාරියේ මූලික වැටුපට – දුම් ගාස්තුව රු1500යි – ආදායම් බලපත්‍ර ගාස්තුව පහලට

vihivle

රජයේ සේවකයින්ට දෙන රුපියල් 10,000 දීමනාව ‍ලබන වසරේ සිට අදියර 3කින් ඔවුන්ගේ මූලික වැටුපට එකතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනූව ලබන ජනවාරි මස රුපියල් 2000ක් මූලික වැටුපට එකතු කරන බව ඔහු පැවසීය.
ජාතික වැටුප් කොමිසම යළි ස්ථාපිත කරන බවද රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය කිසිසේත් අහෝසි නොකරන බවත්, අලුතින්රාජ්‍ය සේවයට බඳවාගන්නා සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේ වෙනසක් සිදු කරන නමුත් විශ්‍රාම වැටුප් අහෝසි නොකරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව 10% කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500දක්වා අඩු කරන බව ඔහු පැවසීය.
2016 මැයි වන විට පුද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500ක වැටුප් වැඩිකිරීම ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *