ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලි පුද්ගලික සමාගම කාර්යක්ෂම කර විදුලි බිල අඩු කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පෙරේදා (12 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
අයවැය මගින් පැනවූ ජාතිය ගොඩනැඟීමේ බද්ද නිසා විදුලි බිල වැඩි වන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බව කී ඇමැතිවරයා විදුලි බිල අඩු කිරීම මිස එය වැඩි කිරීමට කිසිදු අදහසක් ආණ්ඩුවට නැතැයි ද කීය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඉහත අදහස් පළ කළේය.
එමෙන්ම විදුලිබල මණ්ඩලයේ අනියම් සේවකයන් ලෙස කටයුතු කරන මෑන්පවර් සේවකයන් 2500 කට මෙම 17 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කරන බව ද ඇමැති සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.