හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය සහ අනෙකුත් වැඩ වර්ජන අවලංගු කළ බව වෘත්තීය සමිති පවසයි. අද දින අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්රකාශයෙන් පසුව නියමිතව තිබූ සියලු වර්ජන නොපැවැත්වීමට වෘත්තීය සංගම් තීරණය කර ඇති බව වාර්තා වෙන්නේ.
මේ අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනය ද අත්හිටවූ බව පුද්ගලික බස් සංගම් ප්රකාශ කරයි. අද දින අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්රකාශයක් තුළින් රුපියල් 5000/- ක් ව තිබූ දුම්පරීක්ෂණ ගාස්තු රුපියල් 1500/- දක්වා අඩු කිරීමට කටයුතු කරනබව පැවසීමෙන් අනතුරුව බස් සංගම් විසින් මෙම තිරණය ගෙන ඇතැයි වාර්තා වෙන්නේ.