ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනාවක් මත රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාප් වහන්සේ අතර හමුව ඊයේ (14දා) වතිකානුවේ විශේෂ පිළිගැනීම් ශාලාවේදී පවත්වා තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කැප වූ නායකයෙක් වශයෙන් හැගෙන බව පාප්වහන්සේ පැවැසූ බවත් සාමය සහ එකමුතුකම අර්ථවත් වන විශේෂ සමරු සිහිවටනයක් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවත් ජනපති මාධ්‍ය අංශය පැවැසීය.
මේ අටහර ජනපති හා වතිකානු රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ගරු පියෙට්‍රෝ පැරොලින් කාඩ් කාදිනල්තුමා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.
මෙම අවස්ථා සඳහා ජයන්ති සිරිසේන මහත්මිය, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ,අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි රෝසි සේනානානයක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්රීත තිසේරා යන අයද එක්වූ බවද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.