මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් ජාතික ආරක්ෂාවට සම්බන්ධ කිසිදු තොරතුරක් පිටතට නොයන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (15) සහතිකයක් ලබා දුන්නේය.
මෙම ඝාතන සිද්ධියට සැකපිට බුද්ධි අංශ නිලධාරින් 11 ක් අත් අඩංගුවට ගත් අතර ඉන් හය දෙනෙකු නිදහස් කර ඇති බවද ඇමැතිවරයා කීවේය. දැනට සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් නිලධාරියෙකු නිදහස් කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් අතුරුදන්වීමට අදාළ තොරතුරු මිස වෙනත් කිසිදු බුද්ධි අංශ තොරතුරක් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන නොමැති බවද ඇමැතිවරයා කීවේය.
මෙම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සබඳතා සම්බන්ධයෙන්ද හෙළිදරව් වී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරනා බව ඇමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව
ඇතැයි මනත්රීවරයා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා එසේ කිසිදු තර්ජනයක් ඇතිවී නැති බවත් මෙම නිලධාරීන් අත්අඩංගුවට ගැනුණේ බුද්ධි අංශයේම තොරතුරු මත බවත් ඇමැතිවරයා කීවේය.
එක්නැලිගොඩ ඝාතනයට සැකපිට බුද්ධි අංශයේ 11ක් අත්අඩංගුවට ගත්තා – රාජ්‍ය ආරක්ෂක ඇමැති
