අවිගත් පුද්ගලයෙක් ජනපති එන මඟ විශේෂ ප්රභූ පර්යන්තයේ රැඳී සිටියදී ගුවන් තොටුපල ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ පාදයක මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් රඳවාගෙන සිටි බව සඳහන්.
අද උදෑසන 9.00 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගුවන්තොටුපල රේගු භාරයේ රඳවා ප්රශ්න කරමින් සිටී.
වතිකානු සංචාරය නිමවා ජනපති ඇතුළු දූත පිරිස ගුවන්තොටුපලට ලඟාවන මොහොතේ අවිගත් නොහඳුනන පුද්ගයෙකු ගුවන්තොටුපල පරිශ්රයට පැමිණීම සම්බන්ධයෙන් ගැටළු ඇතිවී තිබේ.
මේ අතර සිවිල් ගුවන්සේවා අධිකාරිය එම සැකකරු නිදහස් කරන්නැයි බල කර ඇති බව අප වාර්තාකරු පවසයි.
සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපල ආරක්ෂාව පිළිබඳ විමර්ශණය සඳහා උපාය දූතයෙකු යෙදවූ බවයි.
කෙසේ වෙතත් ගුවන්තොටුපල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන දිවයිනට පැමිණෙන මොහොතේ මෙවැනි පුද්ගලයෙකු ප්රභූ පර්යන්තයේ රැඳී සිටීම සැක සහිත බරපතල තත්වයක් බවයි.