ලබන වසරේ පළමු මාස දෙක ඇතුළත උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 5,500 ක් බඳවාගැනීමට රජය කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ කළමනාකාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2016 අයවැය කාරක සභා අවස්ථාවේ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (15දා) මේ බව කීය.
ලබන වසරේ සිට රාජ්‍ය සේවකයන්ට නිශ්චිත රාජකාරියක් පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන අතර, රජයේ මානව සම්පත් සංවර්ධනයට සහ ජනතාවාදී සේවයක් ලබාදීමට යොදවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉදිරි පස් වසර රැකියා දසලක්ෂයේ ඉලක්කයට.
මිනිස්බල හා කම්කරු දෙපාර්තමේන්තුවේ ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය හරහා ඉදිරි පස්වසර ඇතුළතදී රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහනේ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ . සෙනෙවිරත්න මහතා පැවසීය.
‘රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කර රැකියා වෙළෙඳ පොළේ දත්ත ලබාගැනීමත් එම රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපිරූ, ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින රැකියා විරහිත තරුණ තරුණියන් යොමුකිරීමත් මෙම මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතයි.
මේ වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22ක ජාතික රැකියා සේවා මධ්‍යස්ථානයේ ශාඛා කාර්යාල පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඉන් කාර්යාල 7ක් මේවනවිටත් පිහිටුවා තිබෙනවා.
කලා විෂය ධාරාවන්ගෙන් ඉගෙනගත් තරුණ පිරිස් රැකියා සඳහා යොමුකිරීමට පෙර පුහුණුවක් ලබාදීමට පුද්ගලික අංශය සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෙත යොමුකිරීමටත් එමගින් සේවා යෝජකයන්ට අවශ්‍ය සහය ලබාදීමටත් බලාපොරොත්ත ෙවනවා.’ යැයිද පවසා සිටියේය. විෂය භාර රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.