කිසිදු රාජකාරියක් නොමැතිව සිටින හමුදාව යොදවා උතුරු පළාතේ ඇළ මාර්ග හා කාණු පද්ධතිය පිරිසිදු කරගත යුතු යෑයි උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්රකාශ කර ඇත.
උතුරු පළාතේ අයවැය විවාදයේදී මහ ඇමැතිවරයා මේ කරුණු ප්රකාශ කර ඇත.
මෙම කටයුත්ත සඳහා හමුදාවේ සහය ලබාගැනීමට ඔවුන් සමඟ සාකච්ඡා කරන බවද මහ ඇමැතිවරයා පවසා ඇත.
පසුගිය කාලයේ හමුදාව යාපනයේ ඇළ මාර්ග වසා දැමීම හේතුවෙන් ගංවතුර තර්ජනයක්ද මතුව ඇතැයි මහ ඇමැතිවරයා ප්රකාශ කර තිබේ.
(චතුර පමුණුව)