දෙමටගොඩදී තරුණයෙක් (34) පැහැරගෙන ගොස් පහරදී අතරමග දමාගිය බව කියන 6 දෙනෙක් පැමිණ ඇති ඩිෆෙන්ඩරය අයත් අැයට බව බස්නාහිර පළාත් සභා මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පිළිගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම රථය හා එහි පැමිණි පිරිස අද දිනයේ පොලිසිය හමුවට නොපැමිණියහොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
මෙම පිරිස පෙර දින රාති‍්‍රයේ (21) පොලිසියට පැමිණෙන බව දන්වා තිබුණත් ඔවුන් නොපැමිණි බවත් ඩිෆෙන්ඩරය පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත්වූවත් සිද්ධිය හා ඇයගේ සම්බන්ධයක් පෙනෙන්නට නොමැති බවත් ගුණසේකර මහතා පවසයි.
https://www.facebook.com/apearata/videos/885838958190573/?video_source=pages_finch_main_video