පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ඇයගේ ආධාරකරුවන් අතර සිදු වූ දුරකතන සංවාද වාර්තා ලබාදෙන ලෙස ඩයලොග් ආයතනයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගෙනයාමට අදාළ සිදුවීමට තමාගේ ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තිබීම සත්‍යයක් වුව ද එය තමාගේ අනුදැනුමකින් වූ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට පෙර සඳහන් කර තිබේ.