ලෝකයේ රටවල් 10කට ආසන්න රාජ්‍ය නායකයන්ට පමණක් පිරිනමා ඇති ගෞරවනීය කලුපටි 9 වැනි ශ්‍රේණිය නම් ගෞරව සම්මානයක් ලෝක ටයි කොන්ඩෝ සම්මේලනය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා තිබේ.
මතින් තොර රටක් හා නිරෝගිමත් දරුවන් තුළින් ජයග්‍රාහී ක්‍රීඩා පරපුරක් බිහිකිරීමට දරන්නා වූ උත්සාහය අගයමින් ජනාධිපතිතුමාට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත.
2015 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ තෑගි ප්රදානෝත්සවය ඊයේ (23දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී මෙම සම්මානය ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.