පසුගිය අයවැය යෝජනා මගින් බොහෝ දෙනෙකුගේ කථාබහට ලක්වූ බද්ධක් වූයේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා පැනවූ සියයට පණහේ බද්ධයි. එමගින් ලංකාවේ ජනප්‍රිය වෙමින් පැවති නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් දෙගුණයකින් පමණ මිල ඉහළ ගිය අතර ලක්ෂ විසිපහකින් පමණ අසාමාන්‍ය මිලකින් වැඩි වුණා.
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා අය කරන බදු මුදල 5% සිට 50% දක්වා වැඩි කිරීමට අය – වැයෙන් ඉදිරිපත් කළ යෝජනාව යළි පෙර පරිදි 5% සීමාව දක්වා අඩුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ තීරණය කර ඇත.
ඔහු එම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (23දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.
තමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළද අයවැයේ මේ තීරණය පිළිබඳව තමාද දැනුවත් වී නොසිටි බව කියූ ජනපති වැඩිදුරටත් කියා සිටියේ පරිසර ආරක්ෂණය පිළිබඳ මුළු ලෝකයේම දැඩි සාකච්ඡුාවකට ලක්ව ඇති සහ ඒ වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවකදී විදුලියෙන් ධාවනය වන මෝටර් රථවලට මෙලෙස බදු වැඩි කිරීම ප්‍රායෝගික නොවන බවය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවසානයේ ප්‍රකාශ කර ඇත්තේ එම නව බද්ධ පැනවීම අත්හිටුවා පෙර පරිදිම සියයට පහේ බද්ධ තබන ලෙසයි.
ඒ අනුව විදුලි මෝටර් රථ මිල ඉහළයාම පිළිබඳ පැවති සැකසංකා ඉදිරියේදී දුරුවී යනු ඇත.