කිසිම විටකින් ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු නොකරන බවත් ඉන්ධන මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත් ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
සකස් කරන ලද මිල සූත්‍රය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ පිළිබඳ අදහස් දක්වන චන්දිම වීරක්කොඩි මහතා,
“ලෝකයේ තෙල් මිල වෙනස් වනවිට එහි වාසිය හිමිවිය යුත්තේ ජනතාවටයි. මෙය අදාළ අංශ වෙත ලබාදීමට මගේ අමාත්‍යංශයත් මහා භාණ්ඩාගාරයත් එකතු වෙලා කමිටුවක් පත් කරලා ඒ සියලු කරුණු සාකච්ඡා කළා. සහන දිගුකාලීන ව සහ කෙටිකාලීනව ජනතාවට ලැබෙන ආකාරයට තෙල් මිල විචල්යවීම උපයෝගී කරගන්නේ කෙසේ ද කියන කාරණය සැලකිල්ලට ගෙන මිලසුත්රයක් සකස්කර තිබෙනවා. එය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කිසිම විදිහකින් තෙල් මිල වැඩිවෙන්නේ නම් නැහැ.”යනුවෙන් සඳහන් කළේ ය.