මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සහ නීති විරෝධි මාර්ගවලින් උපයන කළුසල්ලි ස්විස් බැංකුවල තැන්පත් කරන මෙරට කළු සල්ලි හිමිකරුවන්ගේ සියලු තොරතුරු ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට ලබාදීමට ස්විස් රජය එකඟ වී ඇත.
මේ තොරතුරු හෙළි කිරීමේ පනතට ස්විස් පාර්ලිමේන්තුව අනුමැතිය දී තිබේ.
මේ නිසා කළු සල්ලි හිමිකරුවන්ට ස්විස් බැංකුවල දොර වැසී ඇත.
ශ්‍රී ලංකාවේ කළු සල්ලි හිමිකරුවන් 200 ක් ස්විස් බැංකුවල මුදල් තැන්පත් කර ඇතැයි මේ වන විට හෙළිවී තිබේ.
ස්විස් පාර්ලිමේන්තුව එකී පනත් කෙටුම්පතට අනුමැතිය දීම නිසා වසර ගණනක් තිස්සේ පැවති ස්විස් බැංකුවල රහස්‍ය බව අහෝසි වී ඇත.
ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ කළු සල්ලි හිමිකරුවන් ප්රෑන්ක් බිලියන 2 ක මුදලක් ස්විස් බැංකුවල තැන්පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරිකයන් ද ස්විස් බැංකුවල කළුසල්ලි තැන්පත් කර ඇතැයි වාර්තා විය.
කීර්ති වර්ණකුලසූරිය