• Mon. Jan 30th, 2023

විදෙස්‌ ගායකයන් ගෙන්වා පවත්වන අසංවර සංදර්ශනවලට යළි ඉඩක්‌ නෑ – ජනපති කියයි

BySandun

Dec 28, 2015

 

maithripalaමෙරට සංස්‌කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.

මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්‌වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී කියා තිබේ.

පැයකට පමණක්‌ සීමා වී තිබූ එම සංදර්ශනයේදී රුපියල් 30,000 ක්‌ 50,000 ක්‌ වැනි ටිකට්‌ මත අරක්‌කු, බියර්, විස්‌කි වර්ග පානය කර තරුණියන් තනපට ගලවා ගායකයාට දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය. වේදිකාවට නැග ගායකයාව සිපගෙන ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී කියා ඇත.

මෙවැනි අශෝභන සංදර්ශන සංවිධානය කිරීමට යළි ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා එහිදී කියා තිබේ.

ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේ පැවති උත්සවයකදීය.

 

(සුසන්ත අමරබන්දු, දඩයම්තලාව – පී. ජයසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *