• Mon. Feb 6th, 2023

සංගා හා මහේල කනගාටුව පළ කරද්දී Enrique ගේ ප්‍රසංගය ගැන පරීක්ෂණයක්..!

BySandun

Dec 28, 2015

mahela and sangaපසුගිය සතියේ ලතින් ඇමරිකානු ගායක එන්රික් ඉග්ලේසිස්ගේ (Enrique Iglesias) සහභාගිත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ ප‍‍්‍රසංගය ගැන තවමත් විවිධ විවේචන එල්ල වෙනවා.

මෙම ප‍‍්‍රසංගය නරඹන්නට රුපියල් 5000 සේ සිට 50000 දක්වා වූ ටිකට් පත් මිලගණන් තිබූ අතර VIP ටිකට්පත් ලබා ගත් ඇතැමුන් මහේල සහ සංගාගෙන් නැවත මුදල ඉල්ලූ‍ බව විවිධ වෙබ් අඩවිවල වාර්තා කළා.  තවදුරටත් සදහන් වුයේ මෙම ප‍්‍රසංගය දුර්වල සංවිධානය වෙනුවෙන් වගකීම මහේල හා සංගක්කාර භාරගතයුතු බවයි. 

ඊයේ (27) දිනයේ මෙම ප‍්‍රසංගය පිලිබදව ජනපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකට සහභාහි වූ අවස්ථාවේදී මෙවැනි අදහසක් පල කළා.

 

“අපේ රටේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධාගමික පුනර්ජීවනය සඳහා, අපේ බෞද්ධ සංස්කෘතිය ප්‍රමුඛ බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම සඳහා ගෞරවනීය මහ නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ පූජනීය වූ මහා සංඝරත්නයේ අනුශාසනා හා මඟපෙන්වීම් තුළ අප විසින් රජයක් විදිහට කටයුතු කරන බව ඉතාම ගෞරව පූර්වකව සඳහන් කරන්නට ඕනේ. සැමවිටම අපේ සංස්කෘතීන්, අපේ දේ, අපේ උරුමයන් අපි සැමවිටම ආරක්ෂා කළ යුතු වෙනවා.
ලංකාවෙ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වලා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තලන්න ඕන. විස්කි වගේ බීම වර්ග පානය කරලා මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියො ඒ අයගේ තන පට ගලවලා  ගායකයාට දමා ගසන තත්වෙට පත්වෙලා. සමහරු වේදිකාවට නැගල ගායකයා සිප ගන්නවා. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට මං ඉඩ තියන්නෙ නෑ ඉදිරියට. රුපියල්, සත සෙවීමේ එකම පහත් අරමුණ තුළ මනුෂ්‍යත්වය රුපියල් සත වලට විකුණන, අපේ හැදියාව, අපේ මනුස්සකම රුපියල් සත වලට යට කරන වැඩසටහන් වලට රජයක් විදිහට අනුමැතිය දීම මම වළක්වනවා.”

https://www.facebook.com/maithripalas/videos/10153724556566327/?video_source=pages_finch_main_video

මෙම ප‍්‍රසංගය පිලිබදව මේ වනවිට ඇති වී තිබෙන  ආන්දෝලනය නිසා සංගා සහ මහේල ජනපතිගේ ප්‍රකාශයෙන් පසු  තම ෆෙස්බුක් පිටුවෙන් පණිවිඩයක් මුදා හැරියා. එම පණිවිඩයේ සදහන් වන පරිදි සංගා සහ මහේල මෙම ප‍්‍රසංගය නැරඹීම සදහා ටිකට් ලබා ගත් අයට සිදුවූ අපහසුතාවයට කණගාටුව පල කර තිබෙනවා.  එයට හේතුවී තිබෙන්නේ මෙම ප‍්‍රසංගය සදහා ගෙන ආ කලාකරුවා නියමිත වෙලාවට ප‍්‍රසංගයට නොපැමිණීම බවයි  එම පණිවුඩයේ සඳහන් වන්නේ.

තවද,ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ විනෝදාස්වාදයේ මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබූ බවත් සංගා සහ මහේල පෙන්වා දෙනවා. ප්‍රසංගයේ ගැටලු රැසක් ඇතිව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවත් එහි තව දුරටත් සඳහන් කර තිබෙනවා. 

 

 

Untitled 02 Untitled 03

 

 337011924cx

– See more at: https://offair.nethfm.com/article/31013#sthash.nvI9DHi0.dpuf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *