• Mon. Jan 30th, 2023

අධිකරණ ක්‍රියාදාමය දුර්වලයි – කාදිනල්තුමා

BySandun

Dec 29, 2015

cardinal malcom

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ඉතා දුර්වල බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.
එහිමියන් ඒ බව කියා සිටියේ නත්තල වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 51 දෙනකුට නිදහස ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.
ss“අපේ නීතිඥ මහත්වරු ඉක්මනට විසඳන්න පුළුවන් නඩු අවුරුදු ගණන් පරක්කු කරනවා. ඉතින් මේ හිරකරුවෝ මේ හිරගෙවල්වල පිරිලා ඉන්නවා,” කාදිනල් හිමියෝ පැවසූහ.
වසර ගණනාවක් මුළුල්ලේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳ නඩු වහාම විභාග කොට ඔවුන්ට එක්කෝ දඬුවම් කළ යුතු බව පවසන කාදිනල් හිමියන් නොඑසේනම් ඔවුන් නිදහස් කළ යුතු බව අවධාරණය කළහ.
‘මනුෂ්‍යත්වයෙන් සලකන්න’
එක් එක් වර්ගයේ නඩු විභාගවලට උපරිම කාලසීමාවක් නියම කරමින්, ශ්‍රී ලංකාවේ පවතින අධිකරණ ක්‍රියාදාමය පූර්ණ සංශෝධනයකට ලක්විය යුතු බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පැවසූහ.
“මේක ඉවරයක් කරන්නට ඕන. එහෙම නැත්නම් මනුෂ්‍යත්වයෙන් සලකා බැලුවොත් මේ මිනිස්සු අපරාදේ දුක් විඳිනවා හිරගෙවල්වල.”
බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑස් ස්වාමිනාදන් ද එම අවස්ථාවට එක වී සිටි අතර, අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ චෝදනා සනාථ කිරීමට අපොහොසත්වීම, දඩ මුදල් නොගෙවීම ඇතුළු විවිධ හේතු මත සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තැබීමේ ක්‍රියාදාමය වෙනස් කළ යුතු බවයි.
සිය ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමේ අරමුණින් කෙරෙන්නක් නොවන බවත් එහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *