• Thu. Feb 2nd, 2023

සිංහල බෞද්ධයට තවත් වරක් පාර වරදීද.?

BySandun

Dec 29, 2015

SINHALA BUDDIST

පසුගිය වසර කිහිපය දෙස හැරීබලන කල මේ රටේ සිංහල බෞද්ධයැයි කියා ගන්න සංවිධාන විශාල ගනනක් හතු පිපෙන්නාසේ මතුවිය.ඒ කුමක් නිසාද මේවා පසු පස ඉන්නෙ කවුරුද යන්න බොහෝ දෙනෙක් තවමත් නොදනී.
මේ රටේ වියවස්තාවෙන්ම බෞද්ධාගම පෝශනයකර රකින බවට දක්වා තිබෙනවා.නමුත් එය එසේම වන්නේ නැත,
අප විශ්ව විද්යාලය ගත්තත්,මුලු රටම ගත්තත් අපි හා එක බත් පත බෙදාගෙන කන,අපේ අවුරුද්දට,,මුස්ලිම් අයගේ හජ්ජිවලට අපි එකිනෙකා ඉතා සමීපව ඉතා සමීපයෙන් කටයුතු කරනවා.ඇත්තෙන්ම සාමාන්ය මුස්ලිම් ජනතාව අන්තවාදී නැත.අපි සමගෙ අපේ ගමේ වෙසෙන මුස්ලිම් ජනයා අපේම පවුලේ අය සමානවම ලෙන්ගතුයි,සමීපයි.අන්තවාදීව කටයුතු කරන දේශපාලනයට හෝ NGO වලට සේවය කරන සුලුපිරිසක් මේසේ අන්තවාදිව කටයුතු කරන අතර අපිට වඩා ඔවුන් සාමන්ය මුස්ලිම් පවුල් වලට හිසරදයක්,කරදරය කරමින් සිටිනවා.ඒ නිසා ජාතිහෝ ආගම් විවේචනය කරමින් පිස්සන් මෙන් කටයුතුකිරීම නොව මොනයම් හෝ අන්තවාදින් පරාජයකිරීමයි කලයුත්තේ.

අද සිටින සිංහල ජනතාවගේ ජීවිත දිහා පොඩ්ඩක් බලමු.පත්තරක් ගෙන කියවන්න,රූපවාහිනිය දා බලන්න,ගුවන් විදුලියට සවන්දෙන්න,

සිංහල කාන්තාව අදින්නේ හෙලුව පෙන්න නොවේද..
සිංහල කාන්තාව හැසිරෙන්නේ වෛශ්යාවක් සේ නොවේද
සිංහල ගැනුලමයි සිංදු කියන්නෙ නටන්නෙ සිංහල විදිහටද
සිංහල පවුල්වල අනියම් සබදතා අහස උසට
සිංහල පවුල් වල ඩිවෝස් බඩු මිලට වඩා වේගයෙන් ඉහලට
සිංහල පවුල් වල ලමා අපචාර,ස්ත්‍රී දූශන දිනකට දාහ පැනල
සිංහල ගෑනුලමයින්ගෙ අඩනිරුවත්,නිරුවත් පින්තූර විඩියෝ වලින් අන්තර්ජාලය පිරිල
සිංහල ගෑනුලමයි හෙලුවෙන් සෙල්ෆි ගහල වෙබ් එකේ දාල නිරූපිකාවො වෙන්න දගලනව
මෙන්න නියම සිංහල බෞද්ධ සමාජයෙ තත්වෙ අද,
අද බලන්න මේ රටේ ජීවත් වෙන ජාතින් ඔවුන්ගෙ සංස්කෘතික අනන්යතාව අනුව කිප වර්ගයක් ඉන්නවා.

GROUP A තම ජතික ආගමික අනන්යතාව රැකගනිමින් ඉන්න මුස්ලිම් ජනයා.

GROUP B තම ජතික ආගමික අනන්යතාව රැකගනිමින් ඉන්න දෙමල ජනයා.

GROUP C තම ජතික ආගමික අනන්යතාව රැකගනිමින් ඉන්න ඉතාම සුලු නියම සිංහල ජන පිරිසක් පමනක් ඉන්නවා.

GROUP D ජාතියක් ජන්මයක් නැති,ආගමක් නැති,සිංහල බෞද්ධ පවුලක ඉපදුන නිසා විතරක් උප්පැන්නෙ සින්හල බෞද්ධ කියල තියෙන විශාල හිපියො වගේ ජන කොටසක් ඉන්නව..මේ අය අදින්නෙ බාගෙට හෙලුවෙන්,පන්සලට යන්නෙත් ඩිස්කෝ යනව වගේ, ජීවිත අපායවල් වගේ, අනියම් සම්බන්ධ,ඩිවෝස් වලින් පිරිල, හෙලුවෙන් නටනව, දිනපතා හෙලුව පෙන්නල සෙල්ෆි අරන් වෙබ් එකෙ දාගන්නව.තමන් MODELS ල ACTRESS ල කියල කියා ගන්නව,විස්කි මත් පෙති බොනවා.දකින දකින මිනිහ ගෑනි එක්ක නිදියන්න එක පයින් සූදානම්,,මේ අයගෙ දරුවොත් එහෙමමයි,,තැනකට අදින්න දන්නෑ,හැසිරෙන්න දැන්නෑ..ප්‍රසිද්ධ පාටි වලට ගිහින් ගායකයන්ගෙ ඇගට යට ඇදුම් ගලවල විස්ක් කරනව,ස්ටේජ් එක උඩට පැනල ගායකයන් ඉබිනවා,ගායකයගෙ කාමරේට රීන්ගල කාමයේ හැසිරෙනවා,

මේ සිංහල බෞද්ධයොද.?
මේ අයටද සිංහල බෞද්ධ අනාගතය බාරදෙන්නෙ.?

අහෝ, ඇයි අපි කියන්නෙ සිංහල සංවිධාන මෙච්චර කල් කලේ බොරුවක් කියල. මේ ජාතිය මෙච්චර වන්චර,පිස්සො,සල්ලාලය්,වෛශ්යාව්න් වගේ වෙනකන් මේ සිංහල බෞද්ධ අය මොනවද කලේ.මේවගේ සිංහල බෞද්ධ ලමයි වෛශ්යාවන් වගේ හැසිරෙන තත්වෙකට එනකන් ඒ ගොල්ලො මොනව ද කලේ,මේවගේ හැසිරෙන්න එපා,හොදට හැදියල්ල කියල උන්ට කියල දෙන එක මීටින් එකක් අපි දැකල නෑ…තමන්ගෙ ජාතියෙ,ආගමේ ඊ ලග පරම්පරාව හදා ගන්නෙ නැතුව අනික් ජාතින්ට ගරහමින්,කෝලහල කරමින් යන එක නේද මෙච්චර් කල් කලේ.

අද බලන්න එක එක ස්ටිකර් වියාපාර ඇවිල්ල,සිංහලේ කියල පච්ච කොටනව,කෙල්ලෙක් තමන්ගෙ අහවල් තැන සිංහලේ කියල පච්ච කොටාගෙන ආවම ඒ කෙල්ල හරි සිංහල කෙල්ලෙක් වෙනවද?..සිංහලේ කියල පච්ච කොටල,ස්ටිකර් වාහනේ ගහල උන් යන්නෙ ENRIQUE ගෙ කාම පාටියෙදි යට ඇදුම් ගලවල විසික්කරන්නනම් ඒ සිංහලේ ද?? සිංහලේ කියල පච්ච කොටන් බාගෙට හෙලුවෙන් ඇදන් කැබරෙ නටන කෙල්ලො නියම සිංහල බෞද්ධ කෙල්ලො ද??
සිංහලේ කියල අරක්කු බෝතලේ,අරක්කු වීදුරුවෙ ගහගෙන අරක්කු බොන එවුන් මොන සිංහලේද??
සිංහලයට හැමදාම වරදිනව,,එක්කො නොමග යවනව,,හැමදාම අහුවෙනව..
මේ සැරේ සිංහල ජාතියත් FASHION එකක් කරගෙන,,
ස්ටිකර් ෆැශන්,,
පච්ච ෆැශන්…
ඇත්තටම තමන්ගෙ ජාතියෙ දරුවො දැනුවත්කරල,,උන්ගෙ විනය සදාචාරය හදල,,උන්ට වැදගත් විදිහට අදින්න,,හැසිරෙන්න..කියලදෙන්න වියාපාරයක් කරන ගමන් මෙහෙම සිංහලේ ස්ටිකර් ගහගන්න එක කමක් නෑ,,නමුත් ඒ කිසි වැඩ පිලිවෙලක් නෑ,,නිකන්ම ස්ටිකර්,,පච්චකොටල කොහෙද ජාතියක් රැකුනෙ..

වැඩක් කරන්වනම් අනෙක් ජාති ඉදිරියෙ ලැජ්ජ කරන් නැතුව හරියට කරන්න,,ඉස්සෙල්ල සිංහල කෙල්ලො ටික හදාගෙන ඉන්න..සිංහල කෙල්ලො අද අන්තිමයි..ඉස්සෙල්ල සිංහල කෙල්ලන්ට ආයෙ ලැජ්ජ බය එන්න බෙහෙතක් දීල ඉන්න..අද අවුරුදු 10 හේ 12හේ “කපල්” කියල කොටසක් බීහිවෙලා..පන්තියනව කියල සෙනසුරාද,ඉරිද කෑගල්ල,අලව්ව,ගම්පහ,නුගේගොඩ ගෙස් හවුස් මේ නොමග ගිය දරුවන්ගෙන් පිරිල..මේ අපේ රූපවාහිනිවල වනචර පාදඩ කලාවේ උග්‍ර අතුරු පල තමයි..මෙහෙම දරුවො ඉන්න ජාතියක් ස්ටිකර් විතරක් ගහල,පච්ච කොටල හදන්න බෑ..ඉස්සෙල්ල ඔලු ටික හදන්න ඕන,,
ඉස්සෙල්ල අපේ ජාතියෙ ලමයි හදන ගමන් ඉස්ලාම් අන්තවාදය පිටුදකිමු.අපේ ජාතිය ගොඩක් දුර්වල වෙලා තියෙන්නෙ අපේ සංස්කෘතියට කරපු විනාශය නිසා නොමග ගිය ගෑනු පිරිමි නිසා,,විශේශයෙන් ගෑනුලමයි අද හැරිරෙන විදිහනිසා..

අපේ සමහර ස්වාමින් වහන්සේලා තමන්වහන්සේට කරන්නට පුලුවන් බැලපෑම,එනම් අපේ දරුවන් නියම සිංහලයක් කරන්නට උත්සාහ ගන්නේ නැත,,,හිපියන් ,කලු සුද්දන්සේ හැසිරෙන දූදරුවන්ට සිංහල කම,සිංහල බෞද්ධකම ඇතුව හැසිරෙන්න බණක් කියන්නේ නැත,,සිංහලයාගේ විනය සදාචාරය ගොඩනගා අදීන සිංහල පරම් පරාවක් ගොඩනගන්නට එදා සිංහනාද කල අතීත හිමිවරුමෙන් සමාජයට බලපෑමක් කරන්නේ නැත.මේ රූපවාහිනි නාලිකාවල මත්පෙති,මත්පැන් පොවා කැපිච්ච ගැඩවිලුන් මෙන නටවන සිංහල කෙල්ලන් කොල්ලන්ට සිංහලකමට කෙලනොගසන මෙන් බණක් කියන්වා අසා නැත. රූපවාහිනි නාලිකාවල දෙවේලේ රෙදි ගලවමින් නටන පිස්සු කෙලින අවුරුදු 18ක්වත් නැති ගෑනුලමයින්ට සත්ය කියා දෙන්නේ නැත,..මේවා මෙසේ සියල්ල වෙමින් සිංහලකම මුලු ලොකේම ඉදිරියේ නිරුවත් කරද්දී ස්ටිකර් එකකින් පමනක් විප්ලවක් කල නොහැක…අර මාසයක දින 30ක් මත්පැන්බී,කාමයේ වරදවා හැසිරි සතුන් මරා සොරකම් කර මුසා බස් දොඩා මසකට එක්දිනක් පව් කමා කරගන්න එන ලෙබල් බෞද්ධයන් මෙන් ස්ටිකර් සිංහලයන් බිහිකර වැඩක් නැත,සිංහලකම තිබිය යුත්තේ අනුන්ට පෙන්නන්න නොව සත්භාවයෙන් නියම පෞර්ශයෙන්මය.
( ආර්.එම්.බි.එම්.රත්නබංඩාර, ගොඩකවෙල )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *