අන්තවාදී වහාබ් සලාස් මතවාද පැතිරවීමේ රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන පහළොවක් (15) ක් මෙරට ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) සඳහන් කළා.
මෙම සංවිධාන රට පුරා ක්‍රියාත්මක බවත් උන්වහන්සේ කියා සිටියහ.
මෙම මතවාදය පතුරුවන රාජ්‍ය නොවන සංවිධාන වන්නේ ෂෂර්ධ ෂර්ධ අල්ජිබාබ්, මුස්ලිමාත්, මුස්ලිම් ඒඩ්, උඇඵශ නීඩා, හීරා ඵFCඪ් සෙරන්ඩිබ් වන බවත් පැවසූ උන්වහන්සේ ශ්‍රී ලංකා තවුහිදී ජමාද් සංවිධානය, සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානය, පුන්නන් අන්සාර් සංවිධානය, ජමාත් ඉස්ලාම් සංවිධානය, හා සලාස් සංවිධාන අනෙකුත් සංවිධාන බවත් කියා සිටියහ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) එම කරුණු සඳහන් කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
(සිරිමන්ත රත්නසේකර)