2015 වසරේදී ශ්රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම සුවිසල් ප්රජාතන්ත්රවාදී ජයග්රහණයන් සලකුණු කළ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්ය ලේකම් ජෝන් කෙරී කියයි.
ඇමෙරිකාවේ පළවන බොස්ටන් ග්ලෝබ් පුවත්පතට ලිපියක් ඉදිරිපත් කරමින් රාජ්ය ලේකම්වරයා මේ අදහස් දක්වා තිබේ.
ශ්රී ලංකාව,නයිජීරියාව, බුරුමය, හා වෙනිසියුලාව වැනි රටවල් මෙම සුවිසල් ප්රජාතන්ත්රවාදී ජයග්රහණයන් ලැබූ රටවල් යැයි ජෝන් කෙරී මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් සඳහන් කර සිටියේ පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බවය.
