විදේශිය ගායකයකුගේ ප්රසංගයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෛත්රිපාල සිරිසේන මහතාට ජනපති ලෙස රටේ තරුණ තරුණියන් ගේ හැසිරිම සම්බන්ධව ප්රකාශයක් කිරීමට අයිතියක් ඇතැයි මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මයන්ත දිසානායක මහතා පැවැසිය.
දිවිනැගුම දෙපාර්තුමේන්තුවේ ප්රතිපාදන යටතේ හයලක්ෂ විසි එක්දහසක ද්රවයම ආධාර හා පොල් පැල යටිනුවර අඩු ආදායම් ලාභි පවුල් 38 කට බෙදා දිමේ උත්සවයකට එක්වෙමින් දිසානායක මහතා එසේ කීවේය.
‘ජනපතිතුමාගේ ප්රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ෆේස් බුක් වල දිගින් දිගටම මඩ ගහන්න පටන් ගත්තා. නමුත් ජනපති එහෙම ප්රකාශයක් කළේ කාටවත් ගහන්න හිතාගෙන නොවේ. මේ රට බෞද්ධ වැදගත් සංස්කෘතියක් තියෙන ජාතියක්. ඒ සංස්කෘතිය ආගම ජාතිය ගැන කැක්කුමක් තියන නිසයි එහෙම ප්රකාශයක් කළේ‘ යැයි ඒ මහතා පැවසීය.

ආගම ජාතිය ගැන කැක්කුමක් තියනවනම් විල්පත්තුව ගැන කතා කරන්නේ නැත්තේ බදුර්දීන් ට බයේ ද?