• Mon. Feb 6th, 2023

බැසිල්ගේ මගනැගුම කෝටි 4000ක් අතුරුදන් කරලා.

bacil

රාජපක්ෂ පාලන සමයේ මහා මාර්ග අමාත්‍යංශය සතුව තිබූ රුපියල් කෝටි හාර දහසක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට මහා මාර්ග අමාත්‍යංශය පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

මහා මාර්ග අමාත්‍යංශය සතුව තිබූ මෙම මුදල වැය කරමින් ඉදි කරනු ලැබූ කිසිදු නිශ්චිත සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව සටහනක් එම අමාත්‍යංශය සතුව නොමැති බව එම මුදල වැය කළ ආකාරය පිළිබඳව මහා මාර්ග අමාත්‍යංශය විමර්ශනයක් සිදු කළද ඒ පිළිබඳව කිසිවක් හෙළිදරව් කර ගැනීමට අපොහොසත් වූ බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රාජපක්ෂ පාලන සමයේදී මහා මාර්ග අමාත්‍යංශය තුළ දැවැන්ත මූල්‍ය වංචා, දූෂණ රැසක් සිදු වී ඇති බවත් ඒ පිළිබඳව මේ වනවිට අමාත්‍යංශය මට්ටමින් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා පවසයි.

maganagumaපසුගිය ආණ්ඩුව සමයේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනු ලැබූ අමාත්‍යංශ කිහිපයෙන් එකක් වූයේ මහා මාර්ග අමාත්‍යංශය වන අතර මග නැගුම නමින් වෙනමම සමාගමක් ඇති කොට ඒ හරහා මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මුදල් වැය කළේය. ආර්ථික සංවර්ධ ඇමතිවරයා වූ බැසිල් රාජපක්ෂ යටතේ එම අමාත්‍යංශය ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *