• Thu. Feb 2nd, 2023

ඊමේල් වලින් සිදු කල කෝටි 14ක මූල්‍ය වංචාවක සුල මුල හෙළිවෙයි.

email

ඊම්ල් ගිණුම් හරහා සිදුකර තිබෙන අමෙරිකා ඩොලර් ලක්ෂ දාහතක් පමණ (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දහහතරක් පමණ) මූල්‍ය වංචාවක සුල මුල ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය අනාවරණය කරගත් බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවැසීය.

මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට පොලිසියට පැමිණිලි කරන ලෙසට අදාළ වංචාවට හසුවී තිබෙන පාර්ශ්වකරුවන් දොළොස්දෙනකුට උපදෙස් ලබාදුන් බවත් ඒ මහතා පැවැසීය.

එතෙර රටවල් සමඟ ආනයන අපනයන ව්‍යාපාර සිදුකෙරෙන දොළොස්දෙනකු මෙම වංචාවට හසුවී තිබෙන බව එම දොළොස් දෙනා සංසදයට සිදුකළ කරුණු වාර්තා කිරීමද හෙළිවී ඇත.

එම ව්‍යාපාරික පිරිස නොදැනුවත්වම ඔවුන්ගේ ඊමේල් ගිණුම්වලට ජාත්‍යන්තර වංචාකරුවන් පිරිසක් ඇතුළත්ව ඇත. අදාළ රුපියල් කෝටි ගණනක මුදල ගෙන්වාගෙන ඇත්තේ බැංකු ගිණුම්වලටය. එම බැංකු ගිණුම් සියල්ලම ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් අනාවරණය කර ගත් බව චන්ද්‍රගුප්ත මහතා පැවැසීය. මෙම ව්‍යාපාරිකයින් ගනුදෙනු සිදුකරන මේ රටේ බැංකුවකට නොව වෙනත් රටක පිහිටි බැංකුවක ගිණුමකට අදාළ මුදල් බැරකර ගැනීමට සමත්ව ඇත.

තම ඊමේල් ගිණුම්වල ආරක්ෂාව නිරතුරුවම තහවුරු කර ගත යුතු බවත් හදිසියේ හෝ මූල්‍යමය ගනුදෙනු වෙනත් බැංකු ගිණුමකට යැවීමට සිදුවුවහොත් එම බැංකු ගිණුමේ නිරවද්‍යතාවය සහතික කර ගැනීමට ආනයන අපනයනවල යෙදෙන්නන් වග බලා ගත යුතුය.

තමන් ආනයන අපනයන කටයුතු සිදුකරන එතෙර මෙතෙර ආයතන සමඟ නිරතුරුවම දැනුවත් වෙමින් බැංකු ගිණුම්, ඊමේල් ගිණුම් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බවත් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *