ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉලක්ක කරගනිමින් සිදු කිරීමට නියමිත ඝාතන සැලැස්මක් ගැන යාපනය දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ටී. ත්වාරකේෂ්වරන් හෙළිදරව්වක් කලා.ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි ඔහු මෙම හෙළිදරව්ව කලේ.
“අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළබෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා.එ ම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කල යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකල ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ථ්රණය සැලසුම් කර තිබෙනවා.ඔවුන් සමග ආයුධ 17ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා.ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්.ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා.
https://www.facebook.com/apearata/videos/893252630782539/