• Fri. Feb 3rd, 2023

රාජපක්ෂලාගේ නිල ගබ්සා වෛද්‍යවරයාගේ කැරැට්ටුව සාක්ෂි සහිතව මෙන්න..!!

BySandun

Jan 6, 2016

mahinda rajapaksha abortion

රාජපක්ෂ පාලනය හොරු,,මිනීමරුවන්, පාතාලයන්, කුඩු කාරයන්, එතනොල්කාරයන් ආරක්ෂා කළ බව පසුගිය කාලයේ කරුණු සහිතව ඔප්පු විය. පළමු වරට ඔබ ඉදිරියේ සාක්ෂි සහිතව දිගහැරීමට යන රාජපක්ෂලාගේ දේශපාලන නිරුවත හෙළිකරන මේ අලුත්ම තොරතුර ජනාධිපති විමර්ශන ඒකකයේම ලිඛිත සාක්ෂි සහිතව හමුවූ හෙළිදරව්වකි.

mahinda abortion1මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේ සගවා තිබී හමුවූ ජනාධිපති විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණයක අතිශය රහසිගත වාර්තාවකි. ඉන් පැහැදිලි වන්නේ, රාජපක්ෂලා ස්ත්‍රී දුෂකයින් සුරැකි බවට සාක්ෂි සහිතව කරුණුයි.

ශ්‍රී ලංකාවේ ප්‍රකට ළමා රෝහලක් වන “ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව මහාචාර්ය වරයෙකු වන සිරිල් රන්දෙනිය ” නම් රාජපක්ෂලාගේ නිල ගබ්සා වෛද්‍යවරයා ලෙස ප්‍රකට විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයෙකු පිලිබදව ලැබුණු පැමිණිල්ලකට අදාලව රාජපක්ෂ සමයේ සිටි ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතා විසින් කරන ලද අතිශය රහසිගත විමර්ශන වාර්තාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇත.

කරුණු 6ක් යටතේ වූ පැමිණිල්ලට අදාලව සිදුකල පරීක්ෂණයේදී ඉතාමත් ජුගුප්සාජනක කරුණු රැසක් අනාවරණය වී ඇත.

ඒවා අතර භයානකම අපරාධ ලෙස හෙදියක් දුෂණය කිරීම පිලිබදව කරුණු අනාවරණය වී ඇත.
මෙහි එන වඩාත්ම බිහිසුණු කරුණ නම් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් ස්වාමින්වහන්සේ මැදිහත් වී මෙම සිදුවීම යටපත් කර ඇති බව ජනාධිපති විමර්ශන ඒකකයේ ප්‍රධානියා අනාවරණය කරගෙන තිබේ.

දැනගන්නට ඇති පරිදි රාජපක්ෂ පුතුන්ගේ නොහොබිනා ක්‍රියාකලාපයන්ගෙන් ගැබ් ගත් තරුණියන් රැසක් මෙම රන්දෙනිය නම් මහාචාර්ය වරයා විසින් ගබ්සාවට ලක්කර ඇති අතර එයට ප්‍රතිඋපකාරයක් ලෙස මහින්ද රාජපක්ෂ මැදිහත් වී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලවා මෙම සිදුවීම යට ගසා තිබේ.

මෙම මහාචාර්යවරයා සිය බිරිදට නිර්වින්ධන බෙහෙත් ලබාදී සිහිසුන් කොට අස්වාභාවික ලෙස ලිංගිකව හැසිරෙන බවට ඇය විසින්ම නුගේගොඩ අධිකරණයේ සදහන් කර ඇති බවත් බිරියන් 3ක් සමග දීග කන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.
නීති විරෝධී ගබ්සා පිලිබදව නිමක් නොමැති පැමිණිලි මොහුට එරෙහිව ඇතත් රාජපක්ෂ පුතුන්ගේ ක්ෂණික අතපසුවීම් ගොඩදමා දෙන බැවින් රාජපක්ෂ යුගයේ මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

mahinda abortionමෙහිදී අනාවරණය වී ඇති කරුණු කෙතරම් බරපතලද යන්න ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතාගේ නිර්දේශ වලින් සනාථ වේ.
එනම් වෛද්‍ය ආචාරධර්ම උල්ලංගනය කරමින් කටයුතු කරන මොහු දරන පදවියට හෝ වෛද්‍ය වෘත්තියට කිසිසේත් සුදුසු පුද්ගලයෙක් නොවන බවත් මොහුට වෛද්‍ය සභාව විසින් ලබාදී ඇති ලියාපදිංචිය නැවත සලකා බලන ලෙසත් නිර්දේශ කර ඇත. එසේම නීතිපතිවරයාට හා ළමා හා කාන්තා කාර්යාංශයට නිර්දේශ කර ඇත්තේ වහාම නීතිමය කටයුතු සිදුකර මොහුට දඩුවම් ලබාදෙන ලෙසයි.

එහෙත් 2012.12.28 දින ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ යැවූ මෙම විමර්ශන වාර්තාව 2013.01.02 දින ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති නමුත් ඉදිරි කටයුතු සිදු නොවුනේ ඇයි දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සොයා බැලීමේදී මේ සම්බන්ධව කටයුතු කල නිලධාරියෙකු සදහන් කලේ විමර්ශන වාර්තාව දුටු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුරකතනයෙන් තිලක් ඉද්දමල්ගොඩ අමතා අමු කුණුහරුපයෙන් බැනවැදී වහාම මෙම විමර්ශන වාර්තාව විසිකර දමන ලෙසත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙසටත් පැවසු බවයි.
පසුව ලලිත් වීරතුංග අමතා අදාල මහාචාර්යවරයා රාජකීය වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත්කරන ලෙසත් දැනුම්දුන් දී තිබේ.හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේත් මෙම අපරාධයට සම්බන්ධ බව ජනාධිපති විමර්ශන ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.

mahinda abortion3

3 thoughts on “රාජපක්ෂලාගේ නිල ගබ්සා වෛද්‍යවරයාගේ කැරැට්ටුව සාක්ෂි සහිතව මෙන්න..!!”
  1. ammo mehemath dostharala munwa maranna one pal horu I think it is high time we get doctors from india than going to this headless professsors

Leave a Reply

Your email address will not be published. Required fields are marked *