ගිනි අවි භාවිතයෙන් කුඩා දරුවන් මිය යන ආකාරය ගැන සිහිපත් කරමින් අවි නිෂ්පාදනයෙන් ලොව ප්රමුඛයෙකු වන ඇමෙරිකාවට කදුළු සැලීමට සිදු වී තිබෙනවා.
ඇමෙරිකාවේ ගිනි අවි මිලදී ගැනීම පාලනය කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ තීරණය කිරීමත් සමඟ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එම මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙසේ කදුළු සලසමින් අදහස් ප්‍රකාශ කළේ.
ගිනි අවි මිලදී ගන්නා පුද්ගලයන්ගේ පසුබිම පරීක්ෂා කිරීමට නව නීති ගෙන එන බව ද මේ මාධ්‍ය හමුවේදී ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළා.
ඇමෙරිකාවේ පුද්ගලයන් සිය දෙනෙකුගෙන් අසූ දෙනෙකු සතුවම ගිනි අවි පවතින බව එරට වාර්තා සදහන් කරනවා. මේ හේතුවෙන් ගිනි අවි භාවිතයෙන් සිදුවන ප්රචණ්ඩ ක්‍රියාද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් හමුවේයි ගිනි අවි පාලනයට නව නීති ගෙන ඒමට පියවර ගෙන ඇත්තේ.