‘නුඹ අපි මිනිසෙක්’ යනුවෙන් පසුගිය දා ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ගීතය නිෂ්පාදනය කර එය අන්තර්ජාලයට එක් කළ ආචාර්යවරයෙකු ලෙස ඔහු විසින්ම පෙනී සිටින අරෝෂ ප්රනාන්දු නමැත්තා පසුගිය රාජපක්ෂ සමයේද මෙවැනිම වූ සට්ටැඹිකම් වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට කිට්ටු වූවෙක් බව වාර්තා වෙනවා.
ඔහු විසින් පසුගිය රජය සමයේ සිදු කරන ලද දුසිම් ගණනින් යුක්ත වූ දුෂණ වංචා වලින් බිඳක් මෙලෙසින් සටහනක් තබන්නෙමු.
අරෝෂ ප්රනාන්දු නමැත්තා පසුගිය රජයේ ස්වාධීන රුපවාහිනී සේවයේ ක්රියාකාරී අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති අතර එහිදී ඔහු විශාල ලෙස විෂමක්රියා වල යෙදී සිට ස්වාධීන රූපවාහිනි සේවයේ කාර්යය මණ්ඩලයේ බලවත් විරෝධය මැද ඉන් ඉවත් කොට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මාරුකර යවා තිබෙනවා.
එමෙන්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් බලයට පත් ව අනාවරණය වූ දූෂණ සිද්ධීයකට වරද කරුව තනතුරෙන් පහ කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂකවරයෙක් වන සුහහීර් සමග එක්වී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වලින් රුපියල් මිලියන 76ක් වැයකොට ටෙළිනාට්යයක් සෑදීමට ගිය අනෙක් සමාජිකයා වන්නේද මෙම අරෝෂ ප්රනාන්දුයි.
මෙම සිද්ධීන් වලට අදාළ පරීක්ෂණ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර ඒවා වලින් ගැලවී යෑම සඳහා ඔහුට සුඔඋරුදු සට්ටැඹි වැඩ සිදුකිරීමටයි මොහු උත්සහ ගෙන තිබෙන්නේ, එහි එක් දෙයක් පමණී මෙම ගීතය.
කෙසේ නමුත් අදාළ ගීතය සමාජ ජාල වෙබ්අඩවි තුල දැඩි ලෙස විවේචනයකට ලක් විය.
අදාළ කාරණය ගියදුරට ගැන කිවහොත් අවසානයේ ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුදැනුම මත පලවුවක් නොවන බව ජනාධිපති ලේකම් වරයා ට මේ පිළිබඳව නිල නිවේදනයක් පවා නිකුත් කිරීමට සිදු විය.
අප විසින් හෙළි කරගත් කරුණු බිඳක් පමණක් මෙහි සටහන් කොට ඇති අතර මොහු පිළිබඳ තවත් විස්තර අප සතුව පවතී.
අවසාන වශයෙන් අප හට ප්රකාශ කළ හැක්කේ පසුගිය සමයේ විවිධ දූෂණ ක්රියා සිදු කොට ඇති බොහෝ දෙනෙක් ජනාධිපතිතුමා වෙත කිට්ටු වී එම සියලු දූෂණ ක්රියා යට ගසා ගැනීමට නිර්ලජ්ජිත උත්සහයක නිරත වන බවයි.
ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමා විමසිලිමත්ව සිටින ලෙසට ද අප යෝජනා කිරීමට කැමැත්තෙමු.