දිවයින පුරා රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම නුවරඑළියේ රාත්‍රී කාලයේ අවම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එස්.ආර්. ජයසේකර පැවසුවේ.
මඩකලපුව, කොළඹ, කටුගස්තොට, කටුනායක, කුරුණෑගල, මහඉලුප්පල්ලම, පුත්තලම සහ රත්මලාන යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3කින් පමණ ඉහළ ගොස් ඇත.
එමෙන්ම අනුරාධපුර, බදුල්ල, ගාල්ල, කටුනායක සහ මන්නාරම ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.