භික්ෂුන් වහන්සේගේ හැසිරීම සහ විනය කරුණු පිළිබඳ විධිවිධාන පැනවෙන ථෙරවාදී භික්ෂු කථිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඊයේ (12) ඉදිරිපත් කර තිබෙනවා. එ් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.
මෙම පනත් කෙටුම්පතට අනුව ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ, ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප්‍රචාරය ලබාදිම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා. එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම හෝ වාහන පැදවීමද දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස එම කෙටුම්පතෙහි දක්වා තිබෙනවා.
අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්ෂේත්රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීමද දඬුවම් ලැබිය හැකි වැරදි වශයෙන් අදාළ කෙටුම්පතෙහි සඳහන්. මෙම වැරදි සඳහා පැනවිය හැකි දඬුවම්ද කථිකාවතට ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දැක්වෙනවා.
එ් අනුව වැඩසිටින විහාරස්ථානයෙන් එම භික්ෂුන් වහන්සේ තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම හෝ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම යන දඬුවම් පැනවිය හැකි වනවා. මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය ඉදිරි දිනකදී සිදු කිරීමට නියමිතයි.