‘‘නීතිපති සුමානයක් යන්න කලින් නියෝගයක් දුන්නා හිරුණිකා අත්අඩංගුවට ගන්න කියලා. නමුත් ඇවන්ට්ගාඞ් එකේ තියෙන කෝටි ගණන් මිලියන ගණන් ගනුදෙනු ගැන තීන්දුවක් දෙන්න බැරිව නීතිපතිගේ දිව ගැටගැහිලා විකෘතිවෙලා මනස එයා මේවා ඉස්සරහට පස්සට ඇද දමමින් ඉන්නවා’’ යැයි ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
කොළඹ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
දැනට ක්‍රියාත්මක වන්නේ එම ගිවිසුම බවත්, එය ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් බවත්, ඉංග්‍රීසි නොදන්නා අය කියමින් ඔහු මඩ ගහන්නේ ඇතැම් විට ජවිපෙ සාමාජිකයින්ට විය හැකි බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.
එම ගිවිසුමට අනූව එය කඩකළොත් හෝ ඇවන්ට්ගාඞ් අවි ගබඩාව කුණාටුවකට හසුව ගිළුණොත් ආණ්ඩුව ඩොලර් මිලියන 20ක් ගෙවිය යුතු බවත්, ඒ අනූව එය කෙතරම් අසාධාරණ ගිවිසුමක්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
එසේම මගේ සරම ගලවනවා කියා ඇති බවත්, ලොකු රාජපක්ෂට ගලවන්න බැරිවුණ අපේ සරම් ඇවන්ට්ගාඞ් අධිපති පොඩි රාජපක්ෂ ගලවන්නේ කෙසේද යන්නත් ෆොන්සේකා මහතා එහිදී උපහාසාත්මකව කියා සිටියේය.
https://www.facebook.com/sarathfonseka/videos/10153245317731960/?video_source=pages_finch_main_video