• Tue. Feb 7th, 2023

ගිරිතලේ කඳවුරට සීල් තිබ්බේ නෑ – හමුදා මාධ්‍ය ප්‍රකාශක

army campගිරිතලේ යුද හමුදා කඳවුරට සීල් තබා නැතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

ගිරිතලේ යුද හමුදා කඳවුරට සීල් තබා ඇතැයි වැරදි ප්‍රචාරයක් මාධ්‍ය විසින් පළකර ඇති බවත්, සීල් තබා ඇත්තේ හමුදා කඳවුරේ ඇති කබඩ් කිහිපයකට බවත්, එය කඳවුරටම සීල් තැබීමක් ලෙස මාධ්‍ය වාර්තා කර ඇති බවත්, ඒ මහතා පැවසීය.

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට අදාළව අධිකරණ නියෝග නොසලකා හැරීමක් මෙම තත්ත්වයට මුල් වුණේදැයි ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කියා සිටියේ එකී සිද්ධියට අදාළව පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.

මේ අතර ඇඹිලිපිටිය එක්දරු පියාගේ මරණය ගැන ඊයේ පැවැති සාක්ෂි විමසීම අතරතුර මාධ්‍යවේදීන්ගේ සටහන් පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බලහත්කාරයෙන් ලබාගත් සිද්ධිය ගැන ද සොයා බලන බවට අමාත්‍ය සාගල රත්නායක මහතා තමන් සමග පැවැති අදහස් හුවමාරුවකදී පැවසුවේ යැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *