• Thu. Feb 2nd, 2023

ජකර්තා නුවර පිපිරීම් මාලාවක්

BySandun

Jan 14, 2016

jakartha

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බෝම්බ පිපිරීම් කිහිපයක් හා වෙඩි හුමවාරුවක් සිදුවිය.

විදෙස් වාර්තා පැවසුවේ අද පෙරවරුවේ සිදුවූ මෙම පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.

ඉන්දුනීසියානු මාධ්‍යය වාර්තා පවසන්නේ පිපිරීම් හයක් වාර්තා බවයි.

එක් පිපිරීමක් ස්ටාර්බක්ස් අවන්හල තුළ සිදුව ඇති අතර, මෙම පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජනාධිපති මන්දිරය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාල ආසන්නයේ මෙම පිපිරීම් සිදුව ඇති බව ය.

අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ඉන්දුනීසියාව වෙත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අඟවා තිබුණු බැවින් මෙය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සිදු වූ බෝම්බ පිපිරීම්වලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව එරට තානාපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *